
පාලින්දනුර යකුපිටිය ග්‍රාමසේවක වසමේ ප්‍රජාශක්ති ව්‍යාපෘති කොන්ත්‍රාත්තුවක් දූෂිත පුද්ගලයකුට ලබාදී ඇති බවත්, පාලින්දනුර යකුපිටිය ග්‍රාමසේවක වසමේ දැව ජාවාරම සිදු කරන බවත්, ඒ සම්බන්ධයෙන් පොලිසිය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් මාධ්‍යවේදී ප්‍රියදර්ශන ලියනගේ මහතා ඔහුගේ ඇත්ත නිව්ස් යූටියුබ් චැනලයේ සඳහන් කර තිබෙනවා.
ඊට අමතරව, පාලින්දන්වර ප්‍රදේශයේ ඇති දූෂණ වංචා පිළිබඳවත්, පාතාල ක්‍රියාකාරකම් පිළිබඳවත් ඔහු එම නාලිකාවේ කරුණු හෙළිදරව් කරනවා.
ඔහු මේ සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් ලෙස ප්‍රාදේශීය ලේකම්වරයා සහ බදුරලිය පොලීසිය නම්කර සිටිනවා. එම ආයතන දෙක නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා මෙම දූෂණ වංචා ඇතුළු විවිධ ක්‍රියාකාරකම් බහුලව සිදුවන බව ඔහු පෙන්වා දෙනවා.
මේ සම්බන්ධයෙන් පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම්වරයා විසින් බදුරලිය පොලීසිය වෙත අසත්‍ය තොරතුරු වාර්තා කරන බවට චෝදනා කරමින් ප්‍රියදර්ශන ලියනගේ මහතාට විරුද්ධව පැමිණිල්ලක් සිදු කර තිබෙන බව ද එය විභාග කිරීමට ඔහු පොලිසියට කැඳවා ඇති බව ද මාධ්‍යවේදියා අපට ප්‍රකාශ කළා.
මීට අමතරව වෙනත් විවිධ අංශවලින් ද ඔහුට තර්ජන පැමිණෙන බවත් ඔහු ප්‍රකාශ කර සිටිනවා.
මේ සියලු තර්ජනකාරී ජනවලට හේතුව ඔහු විසින් ප්‍රදේශයේ ඇති දූෂණ වංචා හෙළිදරව් කිරීම බවයි ඔහු පවසන්නේ.
ඔහු තර්ජනයට ලක් වීමට හේතු වූ වීඩියෝවක සබැඳිය මේ සමග දැක්වෙනවා https://youtu.be/C1nS99HsFDQ?si=JENUL9iJ_3kpxAIE
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මතුගම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මැදිහත් වී කටයතු කරන අතර ඔබ හෝ ඔබ හඳුනනා අයෙකුට මෙවැනි මානව හිමිකම් උල්ලංඝනයකට හෝ යම් අගතියකට ලක්ව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබට ආසන්නයේ පිහිටි මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් සමඟ සම්බන්ධ විය හැකිය.
මතුගම අවට සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා 077 277 2372
එසේත් නැතිනම්,
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය
011 266 9100
