පොලිස් නිෂ්කාශන සහතික ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංක 03ක්!

පරිගණක පද්ධතියේ සිදු කෙරෙන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ පොලිස් නිෂ්කාශන සහතික ලබාගැනීම සඳහා අයදුම්පත් යොමුකිරීම මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇත. එම පද්ධතිය යථාවත් වන තෙක් ප්‍රාදේශීය පොලිස් ස්ථාන මට්ටමින් අදාළ නිෂ්කාශන සහතික සඳහා වන අයදුම්පත් භාරගැනීම සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා සඳහන් කළේය.

මෙම ක්‍රියාවලියේදී අයදුම්කරුවන්ට මුහුණදීමට සිදුවන ගැටලු ඉදිරිපත් කිරීම සඳහා පොලිස් මූලස්ථානය විසින් නව දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී ඇත. ඒ අනුව 071 859 59 46, 071 859 59 47 සහ 071 859 59 48 යන පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක ඔස්සේ පොලිස් මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරිය අමතා නිෂ්කාශන අයදුම්පත් යොමුකිරීමට අදාළව වැඩිදුර තොරතුරු සහ සහාය ලබාගැනීමේ හැකියාව පවතී.

Social Sharing
නවතම පුවත්