ප්‍රධාන ඖෂධ 13ක මිල නියාමනයෙන් රජයට රු. බිලියන 5.7ක ලාභයක්!

වෙළෙඳපොළේ මිල අධික ප්‍රධාන ඖෂධ වර්ග 13ක මිල නියාමනය කිරීම තුළින් රජයට ලැබුණු ප්‍රතිලාභය රුපියල් බිලියන 5.7ක් ලෙස ඇස්තමේන්තු කළ හැකි බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මේ බව සඳහන් කළේ අද (01) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඔහු සඳහන් කළේ මිල වැඩි ප්‍රධාන ඖෂධ 13ක් සඳහා මිල නියාමනය ක්‍රියාත්මක කිරීමෙන් පමණක් රජයට ලැබුණු ප්‍රතිලාභය රුපියල් බිලියන 5.7ක් ලෙස ඇස්තමේන්තු කළ හැකි බවයි.

එමෙන්ම, මිල නියාමනය හේතුවෙන් ජනතාවට ලැබෙන ආර්ථික ප්‍රතිලාභය ඔවුන් භාවිත කරන ඖෂධ වර්ගය අනුව වෙනස් වන බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම දීර්ඝ කාලයක් අඛණ්ඩව භාවිත කිරීමට සිදුවන ඖෂධවල මිල අඩු කිරීමට හැකිවීම හේතුවෙන් එම ඖෂධ භාවිත කරන ජනතාවට සැලකිය යුතු සහනයක් ලැබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Social Sharing
නවතම පුවත්