
ජාතික හැඳුනුම්පත සන්තකයේ නොමැතිව සිටි පුද්ගලයෙකුට අම්බලංගොඩ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (24) රාත්‍රී 9.00ට පමණ පහරදුන් බවට චෝදනා එල්ල වී තිබේ.
අදාළ පුද්ගලයාට පොලිස් ස්ථානය තුළදීද පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන කිහිපයක් ඔහුගේ පුත්‍රයා විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ. එම පහරදීමෙන් සිය පියාට බරපතළ තුවාල සිදුව ඇති බවත්, මේ වනවිට ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවත් පුත්‍රයා සඳහන් කරයි.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, පහරදීමෙන් සිදුවූ තුවාල හේතුවෙන් ඇති වූ රුධිර වහනය අද (25) උදෑසන වන තෙක් නතර නොවූ බවයි. එමෙන්ම හෘද රෝගයකින් පෙළෙන සිය පියාට ලබාදෙන ඖෂධ හේතුවෙන් රුධිරය කැටි ගැසීමේ ක්‍රියාවලියටද බලපෑම් ඇතිවන බව පුත්‍රයා සඳහන් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ දර්ශන සංසරණය වෙමින් පවතින අතර, අදාළ චෝදනා සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.
එම වීඩීයෝ ලින්කුව පහතින්
https://www.facebook.com/share/1DHYDH2AYp/
