ජූලි උද්ධමනය 7.2% දක්වා ඉහළට!

මෙරට පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය අනුව, ජූලි මාසයේ මෙරට උද්ධමනය ඉහළ ගොස් තිබේ.

ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජූනි මාසයේ 6.5%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ජූලි මාසය වන විට 7.2%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම, ජූනි මාසයේ 3.3%ක් ලෙස පැවති ආහාර කාණ්ඩයේ උද්ධමන අනුපාතය ජූලි මාසයේදී 4.9%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත්, ජූනි මාසයේ 9.3%ක්ව පැවති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමන අනුපාතය ජූලි මාසයේදී 9.2%ක් දක්වා සුළු වශයෙන් පහළ ගොස් ඇති බවද ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Social Sharing
නවතම පුවත්