ප්‍රමාද වී ඇති රජයේ රස පරීක්ෂක වාර්තා 9,000ක් මෙම මාසයේ දී අධිකරණයට!

දැනට ප්‍රමාද වී ඇති රජයේ රස පරීක්ෂක වාර්තා 9,000ක් අවසන් කර මෙම මාසය තුළ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව මීගමුවේ දළුපොත පිහිටි පල්ලන්සේන බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඉකුත් 15 වන දා ප්‍රකාශ කර ඇත.

මෙම සංචාරය අතරතුර, පවතින ගැටලු සම්බන්ධයෙන් රැඳවියන් සමඟ සාකච්ඡා පැවැත්වූ අතර, බන්ධනාගාර තුළ හදිසි තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා විශේෂ කමිටුවක් පිහිටුවීමට පියවර ගන්නා ලදී. අදාළ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අනාගතයේදී දිවයින පුරා පිහිටි අනෙකුත් බන්ධනාගාර වෙත ගොස් ඒවා නිරීක්ෂණය කිරීමට ද සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

රට පුරා පිහිටි බන්ධනාගාර 33 හිම රැඳවියන්ගේ ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ බවත්, එම රැස්වීමේදී කමිටුවක් පිහිටුවීම පිළිබඳව ද සාකච්ඡා කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, ගිනි නිවන ඒකකයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය (STF), නියෝජ්‍ය පොලිස්පති සහ බන්ධනාගාර බලධාරීන්ගෙන් සමන්විත, හදිසි තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමට හැකියාව ඇති කමිටුවක් පිහිටුවන බව ඔහු ප්‍රකාශ කළේය.

Social Sharing
නවතම පුවත්