
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම ශ්රේෂ්ඨාධිකරණය විසින් ආරම්භ කර තිබේ.
අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වේ.
අදාළ පනත් කෙටුම්පතේ ව්යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් පෙත්සම් 25ක් පමණ ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
එම පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති මගින් ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
එබැවින් අදාළ වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කර ගැනීමට අමතරව ජනමත විචාරණයකින් ද අනුමත කළ යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරුවන් ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.
