
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB), ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයන් රඳවා තබා ගැනීම සඳහා භාවිත කළ හැකි ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වේ.
ඒ අනුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනවලට අදාළව පුද්ගලයන් රඳවා තබා ගැනීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාවිත කළ හැකි ස්ථානයක් ලෙස නිල වශයෙන් නම් කර ඇත.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මේ වන විට කොළඹ 05 ප්‍රදේශයේ පිහිටි කම්කරු මහ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබේ.
අදාළ ගැසට් නිවේදනය මගින් එම ස්ථානය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබීම විශේෂත්වයකි.

