සෞඛ්‍ය පරීක්ෂාවක් මුවාවෙන් පාසල් සිසුන් 20කට වැඩි පිරිසකට ලිංගික හිරිහැර කිරීමක්!

කල්මුණේ අධ්‍යාපන කලාපයට අයත් ජනප්‍රිය පාසලක සිසුන් 20කට වැඩි පිරිසකට සෞඛ්‍ය පරීක්ෂාවක් සිදු කරන මුවාවෙන් ලිංගික හිරිහැර කළ බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට එරෙහිව පැමිණිලි ලැබී ඇති බව පොලිසිය පවසයි.

සෞඛ්‍ය පරීක්ෂාව අතරතුර අදාළ නිලධාරියා තමන්ට ශාරීරික හා මානසික හිරිහැර සිදු කළ බවට පීඩාවට පත් සිසුන් සිය මව්පියන්ට පවසා ඇති බව සඳහන් වේ.

ඒ අනුව සිසුන්ගේ මව්පියන් එක්ව පාසලේ විදුහල්පතිවරයා හරහා කල්මුණේ මූලස්ථාන පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බලපෑමට ලක් වූ පාර්ශ්ව විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හදිසි ඇමතුම් අංකයටද දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, කල්මුණේ මූලස්ථාන පොලිසියට සහ අම්පාර දිස්ත්‍රික් ළමා හා කාන්තා පොලිස් කොට්ඨාසයට සිද්ධිය සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහ ළමා ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින බව වාර්තා වේ.

Social Sharing
නවතම පුවත්