බන්ධනාගාර ගැටුම් සම්බන්ධව සාකච්ඡා කිරීමට සියලුම ප්‍රධානීන් ලබන 18 වනදා මානව හිමිකම් කොමිෂන් සභාවට!

 

බන්ධනාගාර ආශ්‍රිතව මෑතකදී වාර්තා වූ නොසන්සුන්කාරී තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අදාළ සියලු ආයතනවල ප්‍රධානීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවීමට පියවර ගෙන තිබේ.

මෙවැනි සිදුවීම් යළි ඇති නොවීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේය.

ඒ අනුව, අදාළ සාකච්ඡාව සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්, පොලිස්පතිවරයා මෙන්ම අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන් ලබන 18 වැනිදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

බන්ධනාගාර පද්ධතිය තුළ ඇතිවිය හැකි මෙවැනි නොසන්සුන්කාරී තත්ත්වයන් වළක්වා ගැනීම සහ එවැනි අවස්ථාවලදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අදාළ පාර්ශ්ව අතර පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

Social Sharing
නවතම පුවත්