PAYE tax සංශෝදනය වෙයි.

 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දින (18) පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය.පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවසා සිටියේ උපයන විට බදු (PayE Tax) අය කරන සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට IMF සමඟ එකඟතාවයකට පැමිණි බවයි.

මේ අනුව නව බදු සංශෝධනය සිදුවන අයුරු මෙසේය.

  • රුපියල් ලක්ෂ එකහමාර දක්වා මාසික වැටුපක් ගන්න පුද්ගලයෙක් 100% බද්දෙන් නිදහස්
  • රුපියල් ලක්ෂ 2ක් වැටුප් ගන්න පුද්ගලයෙක්ගේ බද්ද 71%කින් නිදහස්
  • රුපියල් ලක්ෂ 2 හමාරක් වැටුපක් ගන්න පුද්ගලයෙක්ගේ බද්ද 61%කින් නිදහස්
  • රුපියල් ලක්ෂ 3ක් වැටුපක් ගන්න පුද්ගලයෙක්ගේ බද්ද 47%කින් නිදහස්
  • රුපියල් ලක්ෂ 3 හමාරක් වැටුපක් ගන්න පුද්ගලයෙක්ගේ බද්ද 25.5%කින් නිදහස්

උපයනවිට ගෙවීමේ බදු සංශෝධනය පිළිබඳ තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ වැඩි ආදායම් ලබා ගන්නා අයට අඩු සහනයකුත්, අඩු වැටුප් ලබන අයට වැඩි සහනයකුත් ලැබෙන ආකාරයට බදු සංශෝධනය කිරීමට රජය සමත්ව තිබෙන බවයි.

Social Sharing
අවකාශය නවතම පුවත්