නව රජයේ PTA තීරණයට, අම්භිකාගෙන් දැඩි විවේචනයක්!

Ambika's strong criticism of the new government's PTA decision

හිටපු මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් අම්බිකා සත්කුනානාදන් මහත්මිය නව රජයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) පිළිබඳව සිදු කර ඇති ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කර තිබේ. ඒ ඊයේ (29) වන දින www.themorning.lk වෙබ් අඩවිය පලකල පුවතක් උපුටා දක්වමිනි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පිළිබඳව එම වෙබ අඩවිය කල විමසීමකදී ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති අධ්‍යක්ෂක නීතිඥ ජේ එම් විජය බංඩාර මහතා පවසා තිබුනේ පනත අහෝසි නොකරන නමුත් අවභාවිතාවීම වලක්වනා බවයි.

 

Ambika's strong criticism of the new government's PTA decision
www.themorning.lk එම පුවත වාර්තා කර තිබු අයුරු…

වැඩිදුරටත් ඔහු පවසන පරිදි, “සිවිල් ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන්ට එරෙහිව PTA අවභාවිතා කිරීම පිළිබඳව තිබූ ගැටලුව අපි විසඳනවා. අපි එය දේශපාලන පළිගැනීම් සඳහා භාවිතා නොකරන අතර, විශ්වසනීය බුද්ධි තොරතුරු මත පදනම්ව පමණක් ක්‍රියාත්මක කරනවා” යනුවෙන් පුවත තුල වාර්තා වී තිබුණි.

නමුත්, “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ගැටලුව එහි අවභාවිතය පමණක් නොවේ. පනත සමස්තයක් ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට පටහැනි වේ,” යනුවෙන් සත්කුනානාදන් මහත්මිය පවසයි.

අම්බිකා සත්කුනානාදන් මහත්මිය ඇගේ X ගිණුමේ රජයේ තීරණය විවේචනය කර තිබු අයුරු…

 

අම්බිකා සත්කුනානාදන් මහත්මිය ඇගේ X ගිණුමේ රජයේ තීරණය විවේචනය කර තිබු අයුරු…

ඇගේ විවේචනයේ ප්‍රධාන කරුණු:

 

– එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් මෙම පනත මානව හිමිකම් උල්ලංඝනය කරන බව පෙන්වා දී ඇත.

– මෙම පනත සිවිල් ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන්ට එරෙහිව පමණක් නොව, දෙමළ සහ මුස්ලිම් ජනතාවට එරෙහිව ජාතිවාදී හා ආගම්වාදී පදනමින් භාවිතා කර ඇත.

– පොලීසියට ලබා දී ඇති පුළුල් බලතල නිසා නීති විරෝධී රඳවා ගැනීම් සහ දඬුවම් නොලැබීමේ සංස්කෘතිය තවදුරටත් වර්ධනය වී ඇත.

– පනත යටතේ පාපොච්චාරණ සාක්ෂි පිළිගැනීම සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය උල්ලංඝනය කරයි.

 

“රජය පනතේ අවභාවිතය වළක්වන බවට පොරොන්දු වුවද, පනතේ ඇති මූලික ගැටලු විසඳීමට එය ප්‍රමාණවත් නොවේ. මානව හිමිකම් උල්ලංඝනය කරන මෙවැනි පනතක් රඳවා ගැනීමට රජය තීරණය කළේ මන්දැයි පැහැදිලි කළ යුතුය,” යැයි සත්කුනානාදන් මහත්මිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැති හරිනි අමරසූරිය මහත්ම මහත්මීන් පනතේ අවභාවිතය පමණක් ගැටලුව බව පවසා සිටියද, මානව හිමිකම් ක්‍රියාකාරීන් මෙම ස්ථාවරය ප්‍රතික්ෂේප කරති.

 

Social Sharing
අවකාශය නවතම