නොවැම්බර් මස 14 වන දින පැවැත්වීමට නියමිත මහමැතිවරනයට නාම යෝජනා භාර ගැනීම අද එනම් ඔක්තෝම්බර් 04 දා ආරම්භ කරන බව මැතිවරණ කොමිසම් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
අද දින සිට නොවැම්බර් 11 වන දා මධ්‍යාන 12 දක්වා දිස්ත්‍රික් ලේඛම් කාර්‍යාලවලදී නාමයෝජනා භාර ගැනීම සිදු කරනු ඇත. ඒ අනුව මහමැතිවරණය සදහා ඇප මුදල් භාර ගැනීම ලබන මස 11 වන දා මධ්‍යාන 12 ට අවසන් කරන බව මැතිවරණ කොමිසම් සභාව සදහන් කරයි.
එමෙන්ම 2024.09.25 දින සිට 2024.10.01 දක්වා කාලය තුළ ස්වාධීන කණ්ඩායම් 37ක් මහමැතිවරණයට ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර ඇත.