
පසුගිය දශක කිහිපය පුරාවටම මෙරට ළමා හිංසනය සහ කාන්තා හිංසනය වැළැක්වීම සඳහා වැඩිම කාර්යභාරයක් ඉටුකර ඇත්තේ ආණ්ඩුවලට වඩා සිවිල් සමාජ සංවිධාන (NGOs) විසින් බව ශ්රී ලංකාවේ හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
Stop Child Cruelty Trust හි සභාපතිනි ආචාර්ය තුෂ් වික්රමනායක මහත්මිය සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනිය කියා සිටියේ, 1994 – 1995 කාලවකවානුවල මෙම සංවිධාන ආරම්භ වන තෙක්ම කිසිදු ආණ්ඩුවක් එම හිංසනයන් වැළැක්වීම වෙනුවෙන් ප්රමාණවත් මැදිහත්වීමක් සිදු නොකළ බවයි. සිවිල් සමාජ සංවිධාන හඬක් නොනැඟුවා නම් මෙම ගැටලුවලට නිසි විසඳුම් නොලැබෙන බවද ඇය පෙන්වා දුන්නාය.
වර්තමානයේ විවිධ පාර්ශ්වයන් සහ රජය විසින් NGO සංවිධාන වෙත චෝදනා එල්ල කළද, රාජ්ය යාන්ත්රණයේ පවතින දුර්වලතාවලින් මතුවන හිස්තැන පියවීම සඳහා සිවිල් සංවිධාන ඉදිරියට පැමිණීම ස්වාභාවික ක්රියාවලියක් බවද මෙහිදී අවධාරණය කෙරිණි.
සම්පුර්ණ වීඩියෝව පහතින්….
