පොලිසියේ නිලධාරීන් 8,000ක පමණ හිඟයක්!

ශ්‍රී ලංකා පොලිසියේ විවිධ තරාතිරම්වල නිලධාරීන් 8,000ක පමණ හිඟයක් පවතින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කරයි. ඔහු සඳහන් කළ ආකාරයට මෙම නිලධාරී හිඟය හේතුවෙන් පොලිස් සේවය පවත්වාගෙන යාමට විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුව ඇති බවයි.

පොලිස් මූලස්ථානයේ තොරතුරුවලට අනුව, පොලිස් සේවයේ සිටිය යුතු සමස්ත නිලධාරීන් සංඛ්‍යාව 84,000ක් පමණ වේ. මේ අතර, පොලිසිය සඳහා තවත් නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට ජනාධිපතිවරයාගේ අවසරය ලැබී ඇති බවද පොලිස්පතිවරයා සඳහන් කර ඇත.

රට බංකොලොත්භාවයට පත්වීමෙන් අනතුරුව වසර හතරක පමණ කාලයක් රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සිදු නොකළ බවද ඔහු පැවසීය.

එම තත්ත්වය අනෙකුත් රාජ්‍ය ආයතනවලට වඩා පොලිස් සේවයට දැඩි ලෙස බලපා ඇති බව පෙන්වා දුන් පොලිස්පතිවරයා, පොලිස් නිලධාරීන්ට අවශ්‍ය මූලික යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පවතින ගැටලුව තවදුරටත් තීව්‍ර වී ඇති බවද ප්‍රකාශ කළේය.

Social Sharing
නවතම පුවත්