22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පළමු පෙත්සම ගොනු කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ භාණ්ඩාගාරික ටී.එම්.එස්. පසිඳු සිල්වා සහ එම සංගමයේ සහකාර ලේකම්වරයා විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් අනුමත කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වීමෙන් අනතුරුව ජනමත විචාරණයකදී ද ජනතාවගේ අනුමැතිය ලබාගත යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා තිබේ.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන මෙම පෙත්සම ඉදිරියේදී සලකා බැලීමට නියමිතය.

Social Sharing
නවතම පුවත්