22 වන සංශෝධනය කා වෙනුවෙන් ද? -නීතිඥ කේ. ඩබ්. ජනරංජන

janaranjana

මෙරට අධිකරණ පද්ධතිය තුළ පවතින නඩු ගොඩගැසීම සහ අධිකරණ තදබදය අවම කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ මෙන්ම දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ සහ මහාධිකරණවල විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීම ප්‍රමාණවත් විසඳුමක් වේද යන්න පිළිබඳව නීතිඥ කේ. ඩබ්. ජනරංජන මහතා ප්‍රශ්න කරයි.

2025 ජුනි 30 වන දිනට අදාළ සංඛ්‍යාලේඛන අනුව මෙරට අධිකරණවල ගොඩගැසී ඇති නඩු සංඛ්‍යාව ලක්ෂ 11 ඉක්මවා ඇති බව නීතිඥවරයා සඳහන් කරයි.

එම නඩු ප්‍රමාණයෙන් විශාලතම කොටසක් මහේස්ත්‍රාත් අධිකරණවල පවතින බවත්, එම අධිකරණවල ගොඩගැසී ඇති නඩු සංඛ්‍යාව ලක්ෂ 08කට අධික බවත් ඔහු පෙන්වා දෙයි. එමෙන්ම දිසා අධිකරණවලද නඩු ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් ගොඩගැසී ඇති බව සඳහන් වේ. ඒ අනුව මහේස්ත්‍රාත් හා දිසා අධිකරණ දෙකෙහි පමණක් ගොඩගැසී ඇති නඩු සංඛ්‍යාව ලක්ෂ 10කට අධික වේ.

Social Sharing
නවතම පුවත්