වෙළඳ දැන්වීම්, සුළුතර අයිතිවාසිකම් සහ නීති ප්‍රතිසංස්කරණ: සමාජ වගකීමට එරෙහි වෙළඳ වර්ජන
මෑතකදී වටවල සමාගම විසින් එළිදැක්වූ වීඩියෝ දැන්වීමක් මුල් කර ගනිමින් ඇති වූ පුළුල් සමාජ ආන්දෝලනය, ශ්‍රී ලංකාවේ LGBTIQ (ලිංගික සුළුතර) ප්‍රජාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින සංකීර්ණ තත්ත්වය යළි මතු කර තිබේ. මෙම විවේචනවල මූලික විරෝධය වී…

























