
ජාත්යන්තර මූල්ය අරමුදලෙන් (IMF) ලැබුණු තාක්ෂණික සහයෝගය සහ හඳුන්වා දුන් නව ප්රතිසංස්කරණ හමුවේ ශ්රී ලංකාව නැවත වතාවක් දූෂිත රටවල් ලැයිස්තුවට ඇතුළත් වීමේ හැකියාවක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්රකාශ කරයි. තායිලන්තයේ පැවැති නීති විරෝධී අරමුදල් රැස්කිරීම සහ දූෂණ විරෝධී සමුළුවක් අමතමින් ඔහු පෙන්වා දුන්නේ, ශ්රී ලංකාව 2014, 2015 සහ 2017 යන වසරවලදී මෙලෙස දූෂිත රටවල් ලැයිස්තුවට ඇතුළත්ව තිබූ බවයි.
එමෙන්ම, මෙලෙස ඉදිරියටත් නොවැටී සිටීමට නව අණපනත් හා නීති සම්පාදනය පමණක් ප්රමාණවත් නොවන බවත්, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු සියලු තාක්ෂණික පාර්ශ්වකරුවන්ගේ සක්රීය දායකත්වය සහ සහයෝගය ඒ සඳහා අත්යවශ්ය වන බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
