ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම CCC+ සිට B- දක්වා ඉහළට!

ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් ණය පැහැර හැරීමේ ශ්‍රේණිගත කිරීම (Long-term foreign-currency default rating) CCC+ සිට B- දක්වා ඉහළ නංවා ඇති බව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් (Fitch) ආයතනය පවසනවා.

එහි ඉදිරි දැක්ම තවදුරටත් ‘ස්ථාවර’ මට්ටමක පවතින බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ.

බාහිර මූල්‍යකරණ අවදානම් ලිහිල් කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර ඇති සාර්ව-ආර්ථික ප්‍රතිපත්ති සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මෙම ශ්‍රේණිගත කිරීම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවද සඳහන්.

කෙසේ වෙතත්, තවමත් පවතින ඉහළ ණය සහ ණය සේවා අනුපාත හේතුවෙන් ශ්‍රී ලංකාවේ ණය පැතිකඩට (Credit profile) බාධා එල්ල වී ඇති අතර, විදේශ විනිමය සංචිත තවමත් පවතින්නේ මධ්‍යස්ථ මට්ටමක බවයි Fitch ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Social Sharing
අවකාශය නවතම