අතුරුදහන් වූ පුද්ගලයන් 23,352කගේ ලැයිස්තුවක්!

 

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) විසින් අතුරුදහන් වූ පුද්ගලයන් 23,352 දෙනෙකු ඇතුළත් ලැයිස්තුවක් සකස් කර ඇති බව එම කාර්යාලයේ සභාපති නීතිඥ මහේෂ් කටුලන්ද මහතා පවසයි.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට ලක්වූවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අගෝස්තු 13 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

එම ලැයිස්තුවේ සිටින පුද්ගලයන් අතරින් 31 දෙනෙකු මේ වන විට සොයාගෙන ඇති බවත්, එම පිරිසෙන් දෙදෙනෙකු ස්වභාවික හේතූන් මත මියගොස් ඇති බවත් ඔහු පැවසීය.

එමෙන්ම අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ සකස් කර ඇති ලිපිගොනු අතරින් සිවිල් පුද්ගලයන් 16,966 දෙනෙකුට අදාළ ලිපිගොනු සක්‍රීයව නඩත්තු කරමින් පවතින බවද මහේෂ් කටුලන්ද මහතා සඳහන් කළේය.

එසේම මෙහෙයුම් අතරතුර අතුරුදහන් වූ හමුදා හා පොලිස් නිලධාරීන්ද සිටින බවත්, ඔවුන්ට අදාළ ලිපිගොනු වෙනම කණ්ඩායමක් යටතේ නඩත්තු කරමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Social Sharing
නවතම පුවත්