ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදු වලින් ලොව දුප්පත්ම සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනාධිපති ට්‍රම්ප් ගෙන් ඉල්ලා ඇති බවට සඳහන් වේ.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තීරු බදු ඉවත්කළ යුතු ලොව දුප්පත්ම හා කුඩා රටවල් 28ක් මෙලෙස හඳුන්වා දී තිබෙන අතර එසේම මෙම රටවල් 28 දැඩි ආර්ථික අවදානමකට ලක්විය හැකි රටවල් වශයෙන් පෙන්වා දී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
තවද මෙම රටවල් 28 ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුළත් වී නොමැති බවට සඳහන් වේ.