VAT සංශෝධන පනත් කෙටුම්පත අත්සන් තැබේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (11)දින එකතුකළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා සිය සහතිකය සටහන් කළේය.

පසුගිය අප්‍රේල් 9වනදා මෙම පනත් කෙටුම්පතෙහි දෙවැනි වර කියවීමේ විවාදය  පැවැත් වූ අතර, එහි කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පතට සංශෝධන එක්විය.  අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ

මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා මාර්තු 1වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 04 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත වශයෙන් බලාත්මක වේ.

Social Sharing
අවකාශය ආර්ථික පුවත්