අද දින උදෑසන 10.00 ට වින්දිත දරුවන් 40,000කට යුක්තිය ඉල්ලා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පැවැත්විණි. එහිදී ඔවුන් ඉස්මතුකළේ ජනාධිපතිවරයා වෙත මෙපමණ කාලයක් ඉදිරිපත් කළ පැමිණිළි 04 සඳහා තවමත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.
“ළමා හිංසනයට තිත” පදනමේ සභාපති වෛද්‍ය තුෂාරා වික්‍රමනායක ඉල්ලීම් කිහිපයක් සිදු කළාය. එම ඉල්ලීම් වූයේ වින්දිත දරුවන් 40,000ට සාධාරණයක් ඉටු කිරීම වෙනුවෙන් ජනාධිපති විෂයට කාර්ය සාධන බලකායක් සකසන ලෙසත් නීතිපතිවරයාට එරෙහිව විමර්ෂණ ක්‍රියාකරන ලෙසත් පාරදුෂ්‍ය, ස්වාධීන මහජන විමර්ෂණයක් සිදුකරන ලෙසත් ය.
මෙම නිහඬ විරෝධතාවයට එක් වූ ආචාර්‍ය් අජන්තා පෙරේරා මහත්මිය ළමා අධිකාරියේ පවතින්නා වූ අකාර්යක්ෂමතාවය හා නිහඬ පිළිවෙත සම්බන්ධයෙන් පවතින ගැටලුව ඉස්මතු කළාය.
ඒ අනුව ඔවුන් මෙහිදී එක්ව දරුවන් 40,000ක් සම්බන්ධයෙන් පවත්නා නඩු සඳහා විසඳුම් ඉල්ලා සිටි අතර ඔවුන්ට යුක්තිය ඉල්ලා සිටි..