රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ස්වාධීන අභිචෝදක කාර්යාලක් ස්ථාපිත කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව එහි මූලික පියවරක් වශයෙන් පස්දෙනෙකුගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත් කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව, එම කමිටුව සඳහා නීතිපතිවරයා හෝ නීතිපතිවරයා විසින් නම් කරන නියෝජිතයින් දෙදෙනෙක්, අධිකරණ අමාත්‍යංශයේ ලේකම්, අධිකරණ සේවයේ උක්ත විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා හෝ සභාපතිවරයා විසින් නම් කරන නියෝජිතයෙකු මෙම කමිටුව සදහා පත් කිරීමට නියමිතය.
යෝජිත ස්වාධීන අභිචෝදක කාර්යාලය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මෙම කමිටුව විසින් මුලික සැලසුම් සිදු කරනු ඇති බව අධිකරණ අමාත්‍යංශය පවසයි. එහි මුලික සංකල්ප පත්‍රිකාව කෙටුම්පත් කිරීමෙන් අනතුරුව මහජනතාවගේ සහ සිවිල් සංවිධානවල අදහස් ලබා ගැනීම සිදු කිරීමට කටයුතු කිරීමට ද අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය සැලසුම් කර තිබේ.
මේ සම්බන්දව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය විසින් අද දින මාධ්‍ය වෙත නිකුත්කල ඇති නිවේදනය පහත දැක්වේ.