ඩොලර් මිලියන 200 ක් පාඩුකළ එයාර්බස් ගුවන් යානා ගනුදෙනුව ඇතුළු ගුවන් සමාගමේ මහා පරිමාන වංචාවන් සම්බන්ධව හෙළිදරව් කෙරෙන වීඩියෝවක් ඇඩ්වොකාටා ආයතනය විසින් නිකුත් කර තිබේ.
මෙම වීඩියෝව මගින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ගුවන් යානා මිලදී ගැනීමේ දී ඇමරිකන් ඩොලර් මිලියන 16ක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කිරීම පිළිබදවත්, මෙම දූෂිත ගණුදෙනු හේතුවෙන් බදු ගෙවන ජනතාවට ශ්‍රී ලංකා ගුවන් සමාගම පවත්වාගෙන යාම සදහා අමතරව තවත් ඩොලර් මිලියන 200ක වන්දියක් ගෙවීමට සිදුව ඇති ආකාරයත් පැහැදිලි කරයි.
පසුගියදා, දූෂිත එයාර්බස් ගනුදෙනුව හා මිග් යානා ගණුදෙනුවට අදාලව ශ්‍රී ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට හා රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඇතුළු පවුලේ සැමට එරෙහිව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඇමරිකාවට ඇතුල්වීම තහනම් කරමින් සම්බාධක පනවන ලදී.