පසුගිය කාලය තුළ අස්වැසුම වැඩසටහන යටතේ දෙවන වන අදියර සඳහා අයදුම්පත් භාරදිමට නොහැකි වුවන් සදහා නව අයදුම්පත් භාර ගැනිමට සහන කාලයක් ලබා දී ඇත. ඒ අනුව අස්වැසුම වැඩසටහන පළමු අදියර සහ දෙවන අදියර යටතේ අයදුම්පත් භාර දීමට නොහැකි වූවන් සඳහා මෙම වසරේ නොවැම්බර් මස 25 වන දා සිට දෙසැම්බර් 02 දක්වා කාල සීමාව තුළ අයදුම් කිරීමේ හැකියාව පවති. ඒ අනුව අයදුම්පත පුරවා ප්‍රදේශීය ලේකම් කාර්‍යාලය වෙත භාර දීම දෙසැම්බර් මස 02 වන දාට පෙර කළ යුතුය.
එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයන්ට ලබා දෙන වැඩිහිටි දීමනාව වන රුපියල් 3000ක මුදල අද දින (22) සිට සිය බැංකු ගිණුම් මඟින් ලබා ගැනීමේ හැකියාව පවතියි.
අස්වැසුම ප්‍රතිතිලාභී පවුල්වල නොවන අවුරුදු 70ට වැඩි දැනටමත් එම දීමනාව ලබන ඉතිරි වැඩිහිටියන් සඳහා වැඩිහිටි දීමනාව පෙර පැවැති ක්‍රමය අනුව අඛණ්ඩව තැපැල් කාර්යාල මඟින් ලබා ගැනීමට පහසුකම් සලසා ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති සහ කොමසාරිස් ජයන්ත විජේරත්න මහතා ප්‍රකාශ කළේය. මෙම යෝජනාක්‍රමය යටතේ දැනටමත් පුද්ගලයන් 511,086ක් දෙනා ප්‍රතිලාභ ලබන අතර මෙම දීමනාව ගෙවීම සඳහා රජයකට මාසයකට රුපියල් 1,533,258,000ක මුදලක් වැය වන බව වාර්තා වේ.
අස්වැසුම සහනාධාරලාභීන් තෝරා ගැනීමේ අයදුම්පත – 2024
http://wbb.gov.lk/backend/assets/publications/sinhala_application_new.pdf