
සරම්ප රෝගය පැතිරීම හේතුවෙන් වැලිකඩ, කොළඹ රිමාන්ඩ් සහ මැගසින් බන්ධනාගාරවල රඳවා සිටින නඩු කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත රැඳවියන් අද (09) දිනයේ අධිකරණ වෙත ඉදිරිපත් කර නොමැති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අදාළ අධිකරණ වෙත දැනුම් දී ඇති බව සඳහන් වේ.
ඒ අනුව අද දිනයේ අධිකරණ කටයුතු සඳහා බන්ධනාගාර නිලධාරීන් පමණක් පැමිණ ඇති අතර, නඩු කටයුතුවලට අදාළව බන්ධනාගාර රැඳවියන් රඳවා තබන සිරමැදිරි හිස්ව තිබූ ආකාරය දක්නට ලැබී තිබේ.
මෙම සරම්ප රෝගී තත්ත්වය කොළඹ නගරයේ පිහිටි ඉහත බන්ධනාගාර තුනට පමණක් සීමා වී තිබේද යන්න පිළිබඳව දැනගැනීම සඳහා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් එස්.කේ. පල්ලේතැන්න මහතාගෙන් විමසීමට උත්සාහ කළද ඔහු දුරකථනයට සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇත.
