රැඳවියන්ගේ වියළි ආහාර සැපයුම්කරුවෙකුගෙන් රු. ලක්ෂ 12කට අධික අල්ලසක් ඉල්ලූ සහකාරා අධිකාරිවරයා අල්ලස් අත්අඩංගුවට!

ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බන්ධනාගාර රැඳවියන් සඳහා වියළි ආහාර සැපයූ සැපයුම්කරුවෙකුගෙන් රුපියල් 1,235,000ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබාගැනීම සම්බන්ධයෙන් මෙම නිලධාරියාට චෝදනා එල්ල වී ඇත.

අදාළ අල්ලස් මුදල බන්ධනාගාර නිලධාරියෙකු මාර්ගයෙන් ලබාගැනීමට කටයුතු කර ඇති බවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර, අදාළ නිලධාරියා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

Social Sharing
නවතම පුවත්