
අලුත්ගම, ගාලු පාරේ බෙන්තර පාලම අසල නාගරික ප්‍රදේශයක පවත්වාගෙන යන රා තැබෑරුමක් හේතුවෙන් ඒ අවට ජීවත්වන පිරිස් සහ අලුත්ගම නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් පීඩාවට පවත්ව ඇති බව ප්‍රදේශවාසීහූ චෝදනා කරති. මෙම තැබෑරුම හේතුවෙන් අවට සංචාරක ව්‍යාපාර ස්ථානවලට අහිතකර බලපෑම් ඇති වී ඇති බවක් වාර්තා වන අතර බීමත් පුද්ගලයින් දිවා රාත්‍රී දෙකෙහිම මාර්ගවල අසෝභන ලෙස හැසිරීම නිසා ප්‍රදේශයේ ජනතාවගේ හා එම ප්‍රදේශයට දෛනිකව පැමිණෙන සංචාරකයින් දැඩි අපහසුතාවයට පත්ව තිබේ. තැබෑරුමෙන් තද දුඟදක් වහනය වීම නිසා අවට ජීවත්වන ප්‍රජාව පීඩා විදීන බවට ද වාර්තා වේ.
මේ පිළිබඳව අවස්ථා ගණනකදී අලුත්ගම පොලිසියට පැමිණිලි කළද හා මහජන පෙත්සම් ඉදිරිපත් කළද තවමත් නිසි පියවරක් ගෙන නොමැති බව චෝදනා එල්ලවේ.
මෙම නාගරික සංචාරක කලාපය මෙවැනි ව්‍යාපාරයක් පවත්වා ගැනීමට සුදුසු තත්ත්වයක් නොමැති බවට ප්‍රදේශවාසීන් පෙන්වා දෙන අතර මෙම කලාපයට පැමිණෙන විදෙස් සංචාරකයින් බීමත් පුද්ගලයින්ගෙන් සිදුවන අපහසුතා නිසා ප්‍රදේශය මගහැර ගමන් කරන බවත් මෙම තත්ත්වය නිසා විදෙස් සංචාරකයින් ඉලක්ක කරගත් ව්‍යාපාරකයින්ට පාඩු සිදුවන බවත් ඔවුන් පෙන්වා දෙයි. සමකාමී හා වැදගත් වටපිටාවක ජීවත්වීමට සියලු දෙනාටම අයිතියක් පවතින බැවින් මෙම ගැටලුවට සාධරණ මැදිහත්වීමක් සිදුකරදෙනමෙන් ප්‍රදේශවාසීන් හා ව්‍යාපාරික ප්‍රජාව ඉල්ලීම් කර සිටියි.
සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයද, සුරාබදු දෙපාර්තමේන්තුවද ලිඛිතව දැනුවත් කර ඇතත් ඒවාට නිසි අවධානය යොමු වී නොමැත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කොළඹ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මැදිහත් වී පොලිස් කොමිෂන් සභාවට, පොලිස්පතිට හා නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිඛිතව දැනුවත් කරන මෙන් උපදෙස් ලබා දී තිබේ. මෙවැනි සිදුවීම් වලට ඔබ හෝ ඔබ හඳුනනා අයෙකුට මෙවැනි මානව හිමිකම් උල්ලංඝනයකට හෝ යම් අගතියකට ලක්ව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබට ආසන්නයේ පිහිටි මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් සමඟ සම්බන්ධ විය හැකිය.
කොළඹ අවට සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා 0769631438 ඔස්සේ සම්බන්ධ විය හැක.
එසේත් නැතිනම්,
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ 011 266 9100 අංකය ඔස්සේ සෘජුවම සම්බන්ධ විය හැක.
