
දිගන්හල්මිල්ලෑව විදුහලේ සේවය කරන A. දිසානායක මහතා 2027 පෙබරවාරි මාසයේදී විශ්‍රාම යෑමට නියමිතව සිටින අතර, ඊට පෙර විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගැනීමට ද අපේක්ෂාවෙන් සිට ඇත.
එවැනි පසුබිමකදී, කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව 2026 සැප්තැම්බර් 28 වැනි දින වහාම ක්‍රියාත්මක වන පරිදි එම ගුරු මහතා සන්දික වැව විද්‍යාලයට ස්ථාන මාරු කර තිබේ.
මෙම ස්ථාන මාරුව තමන්ගෙන් සිදුකරන පළිගැනීමක් මෙන්ම තම අයිතිවාසිකම් කඩ කිරීමක් බව පවසමින් එම ගුරු මහතා කහටගස්දිගිලිය මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
පූර්ව දැනුම් දීමකින් තොරව මෙවැනි ආකාරයේ පළිගැනීම් සිදුකිරීම ගුරු ව්‍යවස්ථාව හා සම්ප්‍රදායට පටහැනි බවත්, විශ්‍රාම යෑමට වසරක පමණ කාලයක් තිබියදී මෙවැනි ආකාරයේ ස්ථාන මාරුවක් ලබාදීම සාමාන්‍යයෙන් සිදු නොකරන බවත් පැමිණිල්ලේ සඳහන් වේ.
මේ අනුව, තමන්ට ලබාදී ඇති ස්ථාන මාරුව නීති විරෝධී බැවින් එය අවලංගු කර ගැනීම සඳහා පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා වෙත ද පැමිණිලි කර ඇති බව එම ගුරු මහතා පවසයි.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් සහනයක් අපේක්ෂාවෙන් එම ගුරු මහතා තවමත් බලා සිටීයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මැදිහත් වී කටයතු කරන අතර ඔබ හෝ ඔබ හඳුනනා අයෙකුට මෙවැනි මානව හිමිකම් උල්ලංඝනයකට හෝ යම් අගතියකට ලක්ව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබට ආසන්නයේ පිහිටි මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් සමඟ සම්බන්ධ විය හැකිය.
කහටගස්දිගිලිය අවට සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා 0762536546
එසේත් නැතිනම්,
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය
011 266 9100
