විදේශ අමාත්‍ය විජිත හේරත් අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මගින් නිකුත් කළ නිවේදනයකට අනුව, විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අද (28) දිනයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතව තිබේ. එහිදී මෙවර මහා මණ්ඩලයේ තේමාව වන “විශ්වාසය යළි ගොඩ නැගීම, පරිවර්ථනය කළමණාකරණය කිරීම, සැමට ප්‍රතිඵල ලබා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්” යන තේමාව යටතේ ඒ මහතා ශ්‍රී ලංකා රජය සහ ජනතාව නියෝජනය කරමින් නිල ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඊට අමතරව රටේ වත්මන් විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ කරුණු එහිදී පැහැදිලි කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මීට අමතරව, මෙම මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව විදේශ අමාත්‍යවරයා විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද එක්වීමට සැලසුම් කර ඇත. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා, එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම සැසිවාරයට පැමිණ සිටින විදේශීය රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමඟ ද අමාත්‍යවරයා මිත්‍රශීලී හා රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.

Social Sharing
නවතම පුවත්