
ගාල්ල, රජ්ගම ප්‍රදේශයේ තම පාරම්පරික උරුමයෙන් සින්නක්කරව භුක්ති විඳි නිවසට යාමට තිබූ ප්‍රවේශ මාර්ගය රාජ්‍ය සේවයේ බලය භාවිත කරමින්, රාජ්‍ය සේවය අවභාවිත කර කාලයකට පෙර පුද්ගලයකු විසින් අත්පත් කරගෙන ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත් විය.
එම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා නඩුවක් ගොනු කරන ලෙසට උපදෙස් ලැබී, ඊට අදාළ ගාස්තු ද ගෙවා නඩුව පවරා තිබේ. එම නඩුව වසර 07ක් පමණ පවත්වාගෙන ගොස් ඇති අතර, මේ කාලය තුළ නීතිඥවරුන් හා නීතිඥවරියන් තිදෙනකු පමණ ද නඩුව වෙනුවෙන් පෙනී සිට ඇත.
කෙසේ වෙතත්, අවසානයේදී එම නඩුවට නඩු නිමිත්තක් නොමැති බවත්, නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙසත් දැනුම් දීම හේතුවෙන් සිත් තැවුලට පත් වූ පැමිණිලිකරු ගාල්ල මානව හිමිකම් ප්‍රථමාධර මධ්‍යස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ඒ අනුව, නීතිඥ උපදෙස් ලබා ගනිමින්, නීතිඥ සහාය නොමැතිව නඩු වාර දෙකකට පෙනී සිටීමට අපට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස, අදාළ කරුණු නැවතත් ගොනු කර ඉඩමට හා නිවසට ප්‍රවේශ මාර්ගය ලබා ගැනීම සඳහා නඩුවක් ගොනු කරන ලෙස ගරු අධිකරණය මගින් අදාළ නීතිඥ මහත්වරුන් වෙත දැනුම් දී ඇත.
මීට අමතරව, අදාළ රාජ්‍ය ආයතන වෙතද ගාල්ල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සෘජු මැදිහත්වීම මත අදාළ පුද්ගලයන් හා ආයතන සමඟ සාකච්ඡා වාර දෙකක් පවත්වා ඇති අතර, අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා අදාළ කරුණු ඇතුළත් වාර්තාවක් ද සකස් කර ඇත.
වසර හතක් පමණ නඩු කටයුතු සඳහාත්, වෙනත් ස්ථාන වෙත ලිපි සකස් කරමින් හා ගමන් කරමින් සිටීම සඳහාත් තම මුදල් විශාල ප්‍රමාණයක් වැය කර, ඉතාමත් අසරණ තත්ත්වයක සිටි අවස්ථාවක, අප මධ්‍යස්ථානයේ සෘජු මැදිහත්වීම සම්බන්ධයෙන් පැමිණිලිකරු සිය කෘතඥතාව පළ කළේය.
ඔබ හෝ ඔබ දන්නා පුද්ගලයෙකු මෙවැනි මානව හිමිකම් උල්ලංඝනයකට හෝ යම් අගතියකට ලක්ව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබට ආසන්නයේ පිහිටි මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් සමඟ සම්බන්ධ විය හැකිය.
ගාල්ල අවට සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා
ගාල්ල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය හා සම්බන්ධවන්න 0776969880
