නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාව ස්ථිරව පත් කළ නොහැකි හේතුව අධිකරණ අමාත්‍ය පැහැදිලි කරයි!

බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රාල් ධුරය සඳහා අලු­තින් කෙනකු පත් කිරී­මට හැකි­යාව ලැබෙන්නේ එම ධුරයේ කට­යුතු කළ පුද්ග­ලයා රැකි­යා­වෙන් ඉවත්ව ගිය හෝ ස්ථිරව ඉවත් කළ අව­ස්ථා­වක පම­ණක් බවත් වැඩ තහ­න­ම­කට ලක්කර එම ධුරයේ සිටි කෙනා සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂ­ණ­යක් පැවැ­ත්වෙන අව­ස්ථා­වක අලු­තින් බන්ධ­නා­ගාර කොම­සා­රි­ව­ර­යකු ස්ථිරව පත් කිරී­මට නොහැකි බවත් අධි­ක­රණ අමාත්‍ය හර්ෂණ නානා­ය­ක්කාර මහතා පව­සයි.

බන්ධ­නා­ගාර අධ්‍යක්ෂ ජන­රාල් ධුරයේ වැඩ බැලීම සඳහා කෙනකු පත්කර තිබෙන්නේ මේ නිසා බවද ඒ මහතා කීය. මහ­නු­ව­රදී මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මින් අධි­ක­රණ අමාත්‍ය හර්ෂණ නානා­ය­ක්කාර මහතා මෙසේද පැව­සු­වේය.

“කලින් සිටි කෙනා සම්බ­න්ධ­යෙන් ආය­තන සංග්‍ර­හය අනුව ක්‍රියා­මාර්ග ගෙන, ඔහු වැර­දි­ක­රු­වකු වුව­හොත්, ඔහු රැකි­යා­වෙන් ඉවත් කරන තෙක් පුර­ප්පා­ඩු­වක් නිර්මා­ණය නොවන බව පද­නම් විර­හිත චෝදනා කරන පිරිස් මෙය තේරු­ම්ගත යුතුයි. වැඩ බැලී­මට කෙනකු පත් කළාම ඔහුගේ බල­ත­ල­වල කිසිම අඩු­වක් සිදු­වන්නේ නැහැ.

අභි­යා­ච­නා­ධි­ක­ර­ණයේ හා ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ විනි­සුරු පුර­ප්පාඩු සම්පූර්ණ කිරීම මෙම මාසයේ සිට ආරම්භ කර­නවා. ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ සහ අභි­යා­ච­නා­ධි­ක­ර­ණයේ තිබෙන පුර­ප්පාඩු 08ක් පුර­වන්න ආණ්ඩුව කට­යුතු කරන්නේ නැහැ, කියලා චෝදනා කර­නවා. මේවා පුර­වන්න ගියාම මහා­ධි­ක­ර­ණ­වල පුර­ප්පාඩු ඇති වෙනවා. ඒ නිසා මේක ක්‍රමා­නු­කූ­ලව යට සිට උඩට කර­ගෙන එන්න ඕනෑ. අපි අලු­තින් විනි­සු­රු­වරු බඳවා ගැනීම් කළා. ඒ අය පුහුණු කරලා අධි­ක­ර­ණ­ව­ලට යොමු කර­නවා. මහා­ධි­ක­ර­ණ­වල වැඩ­ක­ට­යුතු කඩා­ක­ප්පල් කර­ගෙන මේක කරන්න බැහැ. අග­වි­නි­සුරු ධුරයේ කවුරු හිටි­යත් නීතිය අනුව නඩු අහලා තමයි තීන්දු දෙන්නේ. නඩු අහලා වැරදි නැත්නම් නිද­හස් වෙයි. අපි ඒවට මැදි­හත් වෙන්නේ නැහැ. අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය ආරක්ෂා කිරීම තමයි අපේ වග­කීම. බන්ධ­නා­ගාර තද­බ­දය අවු­රුදු 15ක් 20ක් තිස්සේ ඉඳලා එන එකක්. අපි බල­යට එන­කො­ටත් 29,000ක් විතර මේක ඇතුළේ හිටියා. එත­කො­ටත් ඉන්න පුළු­වන් සංඛ්‍යාව 10,000 යි. මෙතැන ගැට­ලු­වක් තිබෙන බව ඒකෙන්ම පේනවා. අපේ රජය මහා පරි­මා­ණ­යෙන් මත්ද්‍රව්‍ය අල්ල­නවා. අත්අ­ඩං­ගු­වට පත්වන පිරිස වැඩියි. තියෙන බන්ධ­නා­ගා­ර­වල ඉඩ ප්‍රමා­ණය වැඩි කිරීමේ වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්ම­කයි. ඒ වගේම අලු­තින් ගොඩ­නැ­ඟිලි කිහි­ප­යක් හද­න්නත් සැල­සුම් කරලා තියෙ­නවා.

සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගන්න වේග­යෙන්ම ගොඩ­නැ­ඟිලි හදන්න බැහැ. මේක ගොඩ­නැ­ඟිලි හදලා විත­රක්ම බේරන්න පුළු­වන් ප්‍රශ්න­යක් නෙවෙයි කියන එකත් අපි තේරුම් ගන්න ඕනෑ. රස පරී­ක්ෂක වාර්තා ප්‍රමාද වීමත් මේ තද­බ­දය ඇති වීමට ගොඩක් බල­පාලා තියෙ­නවා. මේ ඉන්න 41,000 න් 300,00ක් විතර ඉන්නේ සැක­ක­රු­වන්. එයි­නුත් 23,000ක් විතර ඉන්නේ මත්ද්‍රව්‍ය චෝද­නා­ව­ලට අත්අ­ඩං­ගු­වට ගත්ත අයයි. ඒ අය වැඩි­හ­රි­යක් බන්ධ­නා­ගා­ර­වල රඳවා තබා­ගෙන ඉන්නේ රස­ප­රී­ක්ෂක වාර්තා ප්‍රමාද වීම නිසයි. ප්‍රශ්නය පේන්න තියෙන්නේ හිර­ගෙ­දර වුණාට ගැට­ලුව ඇති වන තැන වෙනස්. අපි එන­කොට රස­ප­රී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ පුර­ප්පාඩු 118ක් තිබුණා. දැන් ඒක 50 දෙනකු පමණ අලු­තින් බඳ­වා­ගෙන රාත්‍රි වැඩ­මු­ර­ය­කුත් යොද­වලා මේ වාර්තා ලබා­ගැ­නීම කඩි­නම් කර තිබෙ­නවා. මේ තුළින් මාසෙ­කට රස­ප­රී­ක්ෂක වාර්තා 7,500-9,000 ත් අතර ප්‍රමා­ණ­යක් නිකුත් කරන්න බලා­පො­රොත්තු වෙනවා.“

උපුටා ගැනීම

Social Sharing
නවතම පුවත්