පාරකදී පොලිසියෙන් ID එක ඉල්ලුවොත් මොකද වෙන්නේ? හැඳුනුම්පත නැත්නම් Arrest කරන්න පුළුවන්ද?

1968 අංක 32 දරන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත (Registration of Persons Act) සහ පොලිස් ආඥාපනත (Police Ordinance) ප්‍රකාරව, පොලිස් නිලධාරියෙකුට රාජකාරිමය අවශ්‍යතාවයක් මත (උදාහරණයක් ලෙස වරදක් වැළැක්වීමට හෝ විමර්ශනයකට) පුද්ගලයෙකුගේ අනන්‍යතාවය ප්‍රශ්න කළ හැකිය.

පොදු මතය වන්නේ ජාතික හැඳුනුම්පත (NIC) සන්තකයේ නොමැති වීම පමණක්ම කෙනෙකු අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් හේතුවක් වන බවයි. නමුත් නීත්‍යානුකූලව, හැඳුනුම්පතක් නොමැති වීම පමණක්ම ස්වාධීන සාපරාධී වරදක් නොවේ. කෙසේ වෙතත්, වෙනත් සාධාරණ සැක සහිත තත්ත්වයක් පවතින අවස්ථාවක හැඳුනුම්පතක් නොමැති වීම එම සැකය තහවුරු කිරීමට අත්අඩංගුවට ගැනීමට පොලිසියට හේතුවක් විය හැකිය.

නම සහ පදිංචිය ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා අත්අඩංගුවට ගැනීම සහ 33 වන වගන්තිය

යම් පුද්ගලයෙකු පොලිස් නිලධාරියෙකු ඉදිරියේ වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත නොහැකි වරදක් (Non-cognizable Offence) කර ඇති විට හෝ එවැනි වරදක් කළ බවට චෝදනා ලැබ ඇති විටකදී උවද, පොලිස් නිලධාරියා ඉල්ලා සිටින ඔහුගේ නම සහ ලිපිනය ලබා දීම ප්‍රතික්ෂේප කරන්නේ නම් හෝ අසත්‍ය ලිපිනයක් ලබා දෙන්නේ නම්, ඔහුගේ අනන්‍යතාවය සහ පදිංචිය නිවැරදිව තහවුරු කර ගැනීම සඳහා ඔහුව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට පොලිසියට මෙමඟින් බලය ලැබේ.

මෙහි පවතින වඩාත් වැදගත්ම නෛතික අවශ්‍යතාවය වන්නේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව එම පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කරගැනීම පොලීසිය විසින් සිදුකළ විමර්ශනය කුමක්ද යන්න සහ නම සහ ලිපිනය තහවුරු වූ පසු ඔහුව ඇප මත මුදා හැරිය යුතුය යන්නයි.

නීතිඥ පී. අමිත අබයසේකර සිල්වා
(පොලිස් පරීක්ෂක – නීති කොට්ඨාසය)

උපුටා ගැනීම ශ්‍රී ලංකා පොලිස් ෆේස් බුක් පිටුවෙනි

Social Sharing
නවතම පුවත්