2023 අයවැය ලබන 14 පාර්ලිමේන්තුවට

2023 වසර සඳහා වන අය – වැය නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ‍‍තිබෙන බව අද(27) කාතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්  රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා‍වේදී පැවසීය.

ඒ අනුව අය වැය දෙවන වර කියවිමේ විවාදය ලබන 15 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

අය–වැය දෙවන වර කියවිමේ ජන්ද විමසිම ලබන 22 වනදා පස්වරුවේ පැවැත්වීමට අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳකාරක සභාවේදි තීරණය කෙරිණ. 

අය–වැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වනදා සිට දෙසැම්බර් 8 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

අය–වැය තුන්වර කියවිමේ ජන්ද විමසිම දෙසැම්බර් 8 වනදා පස්වරුවේ පැවැත්වෙනු ඇති.

Social Sharing
නවතම