ඇමති මණ්ඩලය 75 යි!

ඉදිරි දින කිහිපය තුළ ඉතිරි කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරුන් පිරිස පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කටයුතු කෙරෙනුඇති බව වාර්තා වේ.

ඒ අනුව, දැනට පත් කර තිබෙන කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනා ද සමග තවත්  ඇමැතිවරු 40 ක් පත් කිරීමට නියමිතව තිබේ.

තවද රාජ්‍ය ඇමැතිවරුන් 35 දෙනෙකු ද පත් කිරීම ජනාධිපතිවරයාගේ සැළසුම වී තිබේ.

ඒ අනුව, සමස්ත ඇමැති ධුර සංඛ්‍යාව 75 දක්වා ඉහළ යනු ඇත.

Social Sharing
නවතම