පොලිසිය විසින් මහජනතාව වෙත සපයනු ලබන සේවා සඳහා අය කරනු ලබන ගාස්තු ඉහළ දැමීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත.
ඒ අනුව, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් සියලුම පොලිස් ස්ථානවලට චක්‍රලේඛයක් යොමු කරමින් එම සේවා ගාස්තු අයකිරීම සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන 2023.06.02 දිනැති පොලිස්පති චක්‍රලේඛ අංක 2749 /2023 (මුදල් චක්‍රලේඛ 04/ 2023) අවලංගුවේ.
නව චක්‍රලේඛනය අනුව, ශබ්ද විකාශන බලපත්‍ර ගාස්තු රුපියල් 300 සිට රුපියල් 2000 දක්වා ඉහල දමා තිබේ. පොලිස් නිල සුනඛයෙක් සඳහා පැය එකහමාරක කාලයකට යටත්ව හා රැගෙන යා හැකි උපරිම දුර ප්‍රමාණය තීරණය කිරීම පශු වෛද්‍යවරයාගේ නිර්දේශයට යටත්ව සහ පාසල් සන්දර්ශන සඳහා නිල සුනඛයන් ලබාදීමේදී ගාස්තු අය කිරීම හෝ නොකිරීම සම්බන්ධව පොලිස්පතිගේ අනුමැතියට යටත්ව මින් පෙර අය කළ රුපියල් තුන්දහසක මුදල රුපියල් විසිදහසක් දක්වා ඉහළ දමා ඇත.
ඒමෙන්ම, අශ්වයෙක් සඳහා පැය එකමාරක කාලයකට මින් පෙර රුපියල් හයදහසක මුදලක් අය කළ ද මෙම චක්‍රලේඛය නිකුත් කිරීමෙන් පසු එම මුදල රුපියල් තිස්දහස දක්වා ඉහල දමා තිබේ. ඒමෙන්ම, ආසන්නම පොලිස් ස්ථානයක් වෙත වාහනයක් ඇද ඉවත්කිරීමේ ගාස්තුව රුපියල් හයසීයේ සිට රුපියල් පන්දහස දක්වා ඉහළ දමා ඇත.
එක් ඇඟිලි සටහන් ගාස්තු වාර්තාවක් සඳහා අයකළ රුපියල් එකසිය පනහක ගාස්තුව රුපියල් පන්සීය දක්වායි ඉහළ නංවා ඇත. කිමිදුම් උපකරණ සඳහා අයකළ රුපියල් දෙදාස් හාරසීයේ ගාස්තුව රුපියල් හාරදහස දක්වා ද ජීවිතාරක්ෂක සහ කොස්වේන් උපකරණ සඳහා අයකළ රුපියල් එක්දහස් දෙසීයක මුදල ද රුපියල් පන්දහස දක්වාද ඉහළ තිබේ.
මේ අතර මින් පෙර කිසිදු ගාස්තු අයකිරීමක් නොකර පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් දේශීය අවශ්‍යතා සඳහා පමණක් නිකුත් කරන පොලිස් වාර්තා සඳහා දැන් රුපියල් තුන්සීයක් අයකරනු ලැබේ.
මෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ, පොලිසිය සතු වාහන හා යාත්‍රා පෞද්ගලික පාර්ශ්වයන්ට ලබාදීමට පෙර, එකී වාහන හා යාත්‍රා පෞද්ගලික භාවිතයේ දී සිදුවිය හැකි අලාභ හානි වෙනුවෙන් හැකි පූර්ණය සඳහා තාවකාලික රක්ෂණවාරයක් ලබාගැනීමට අදාළ පෞද්ගලික පාර්ශ්වයට නියම කළයුතු බවයි.