අපි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ඉවත් කිරීමට විරුද්ධ වුණා. එවිට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා, මෙය ආරක්ෂක ව්ශේෂඥයන් සහ බුද්ධි අංශ සිදුකළ විධිමත් විමර්ශනයකට පසු සිදු කළ ක්‍රියාවක් බව.
ඊයේ කටුකුරුන්දට ආව ජනාධිපති අනුර දිසානායක ගැලරියට ගිගිරුවෙි, හිටපු ජනාධිපතිගේ ආරක්ෂාව 60ට බැස්සුවා. මදි කියලා කෙඳිරි ගෑවොත් ඒකත් නැති කරනවා කියලා. මේ වගේ තමන්ගේ තනතුරට නොගැලපෙන ප්‍රකාශවලින් පිරිහෙන්නේ තමන්මයි.
අනික් අතට හිටපු ජනාධිපති මහින්දගේ ආරක්ෂාව සෙබළුන් 60කට පැවරීම ආරක්ෂ තක්සේරුවක් නොකොට හුදු දේශපාලන පළිගැනීම සඳහාම කළ බව තහවුරු වෙනවා. එහෙම නැත්නම් රනිල් ලැබෙන ආරක්ෂකයන් 60ක ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් මේ රටේ බිහිසුනු යුද්ධය අවසන් කරන්න නායකත්වය දුන් මහින්ද ලැබෙන්න විදිහක් නෑ.
ලෝකයේ සෑම රටක විධායක ජනාධිපතිට හෝ අගමැතිට විශ්‍රාම ගිය පසු විශේෂ වරප්‍රසාද සහ ආරක්ෂාව ලබා දීම රාජ්‍යයක වගකීමක්. ඒ හුදු පුද්ගල ආරක්ෂාවට නෙමෙයි, පෙරලා රාජ්‍යයේම ආරක්ෂාවට. ඒ, රාජ්‍ය නායකයාට තමන්ගේ සහ තම දරු පවුල්වල අනාගත ආරක්ෂාව පිළිබඳ නොසිතා රටේ සහ ජනතාවගේ ශුභ සිද්ධිය උදෙසා නොබියව තීන්දු තීරණ ගන්න.
එහෙම ආරක්ෂාවක් නැත්නම් ඔහුට තම අනාගතය සහ තම දරුවන්ගේ අනාගතය ගැන සිතමින් රට වෙනුවෙන් තීන්දු ගැනීමට පැකිළෙන්න සිදු වෙනවා. රටට හොඳම තීන්දුව නොව තම මතු ආරක්ෂාව තහවුරු කරන තීන්දුවලට යන්න මානසික තල්ලුවක් ලැබෙන්න පුළුවන්. එහෙම නොවෙන්න නම් රාජ්‍ය නායකයාගේ මතු ආරක්ෂාව රාජ්‍යය මගින් තහවුරු කළ යුතුයි.
වෛරයෙන් අන්ධ වෙලා හිටපු ජනාධිපතිවරුන්, ආරක්ෂාව ඉවත් කිරීමෙන් මේ පිරිස අනතුරේ හෙළන්නේ මහින්ද නෙමෙයි, මේ රට. මේ රටේ අනාගතය. මේක තේරුම් ගන්න බැරි තරම් පාලකයන්ට බුද්ධියක් නැත්නම් ඒක රටේ අභාග්‍යය.
කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැම්මත් අනාගතයේ තවත් එවැනි අනතුරුවලට රටට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. එතකොට ඊට අභීතව මුහුණ දෙන්න ඍජු තීන්දු තීරණ ගන්න රාජ්‍ය නායකයාගේ මතු ආරක්ෂාව තහවුරු කළ යුතුයි. වර්තමාන ජනාධිපති අනුර සැබවින්ම පාතාළයට සහ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට එරෙහිව සටන් කරන්නේ නම් රාජ්‍යය ඔහුගේත් මතු අරක්ෂාව තහවුරු කළ යුතුමයි.
මොකද එසේ නැත්නම් ඔහුට තනතුරින් විශ්‍රාම ගිය පසු නැවත තඹුත්තේගම ගමේ ගෙදරට යන්න වෙනවා නම් එතන දී ඔහුට අනතුරක් වෙන්න පුළුවන්. ඒක පෞද්ගලිකව ඔහුට නොව රටට වන අනතුරක්. මොකද ඔහු තම අනාගත ආරක්ෂාව උදෙසා රටට හිතකර තීන්දු නොගැනීම නිසා අනතුරට ලක් වෙන්නේ රට. ලෝකයෙේ හැම රටක්ම සිය විශ්‍රාමික නායකයන් රකින්න මුදල් වැය කරන්නේ ඒ නිසායි. ඒක තේරුම් අරන් වැඩ කරන එක උද්දච්ච මෝඩ කතාවලින් තමන්ගේ නොදන්නකම ප්‍රදර්ශනයට වඩා රටටත් හොඳයි.
නාමල් උඩලමත්ත