හිමාලයා ප්‍රකාශනයට එරෙහි විරෝධය විසුරුවා හැරේ..

 himalaya declaration

30 වසරක පැවති යුද්ධයෙන් අවතැන් වූවත් ආරක්ෂාව පතා විදෙස්ගත විය. යුද්ධය නිම වීමෙන් අනතුරුව ඔවුන් නැවත මව් රටට පැමිණෙන විට, ඔවුන් කොටි ඩයස්පෝරාව කියා සමහර කණ්ඩායම් විසින් හඳුන්වීමත් සමඟ ඔවුන් සමාජයෙන් කොන්වීමක් සිදුවුණී. ඔවුන්ට සාධාරණයක් ඉටු කිරීම උදෙසා හිමාලයා ප්‍රකාශනය නිරතුරුව ඇප කැප වේ.

himalaya declaration

ඒ අනුව යුද්ධයෙන් විපතට පත්වූවන්ගේ සංගමයේ සභාපතිනී විසාකා ධර්මදාස මහත්මියගේ මැදිහත්වීමෙන් සමාජ ඒකග්‍රතාවය සහ සහජීවනය තුළින් සාමකාමි බහූත්වවාදී ශ්‍රී ලංකාවක් ගොඬනැගීම වෙනුවෙන් හිමාලයා ප්‍රකාශනයන් සමඟ අද හා හෙට දෙදින නේවාසික වැඩමුළුවක් නාරහේන්පිට ජානකී හෝටලයේ සංවිධානය කර ඇත. මෙම වැඩසටහන සඳහා ආගමික නායකයන් හා සිවිල් සංවිධාන ක්‍රියාකරකයින් සහභාගී වී  ඇත.

මෙම දෙදින වැඩසටහනට එරෙහිව අද උදෑසන 11 සිට විරෝධතාවයක් ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු වන ආචාර්‍ය ගුණදාස අමරසේකර මහතාගේ මැදිහත් වීමෙන් ආරම්භ කර ඇති අතර පොලිසිය විසින් අධිකරණ නියෝගයක් රැගෙනවිත් විරෝධකරුවන්ට විසිර යන ලෙස නියෝග කිරීමෙන් අනතුරුව, විරෝධකරුවන් විරෝධතාවය අත්හරින ලදී.

Social Sharing
අවකාශය නවතම