ඡන්ද පොළට යනවිට අනිවාර්යයෙන් ගෙන යා යුතු දෑ

පාර්ලිමේන්තු මැතිවරණයේ දී සියලුම ඡන්ද දායකයන් සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තමාට අයත් ඡන්ද පොළ වෙත යන විට, පහත සඳහන් අනන්‍යතා ලේඛනවලින් එකක් රැගෙන යාම අනිවාර්‌ය බවත්, එහි දී එය පරීක්ෂාව සඳහා ඡන්ද පොළේ නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමක් අවශ්‍ය වේ.

වලංගු අනන්‍යතා ලේඛන
1. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පත
2. වලංගු විදේශ ගමන් බලපත්‍රය
3. වලංගු රියදුරු බලපත්‍රය
4. රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්සක (විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ)
5. වැඩිහිටි හැඳුනුම්පත ( ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ)
6. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන පූජ්‍ය/ පුජක හැඳුනුම්පත
7. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය
8. මැතිවරණ කොමිෂන් සභාව මඟින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත
9. ආබාධිත තැනැත්තන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත

ඉහත හැඳුනුම්පත් අතුරින් කවර හෝ එකක් ඉදිරිපත් නොකළහොත් ඡන්ද පොළේ දී ඡන්ද පත්‍රිකාවක් නිකුත් කරනු නොලැබේ.

එසේම අපැහැදිලි හැඳුනුම්පත් (ඡායාරූපයෙන් පුද්ගලයා හඳුනාගත නොහැකි නම් හෝ නම් කියවිය නොහැකි ලෙස මැකී ඇත්නම්), අමාත්‍යාංශ/ දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන මඟින් නිකුත් කර ඇති සේවා හැඳුනුම්පත්, ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීමේ දී නිකුත් කරනු ලබන කුවිතාන්සි ආදී ඡායාරූපය සහිත හෝ රහිත වෙනත් කිසිම ලියවිල්ලක් ඡන්ද පොළේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැදුනුම්පතක් ලෙස පිළිගනු නොලැබේ.

Social Sharing
නවතම පුවත්