බංගලාදේශයේ විරෝධතා උත්සන්න වේ, ගැටුමෙන් වි. සිසුවෙකු මරුට..!

Five lakhs fine if mobile phones are taken to the polling station

බංගල‍ාදේශයේ ඩකා අගනුවර විශ්වවිද්‍යාල ශිෂ්‍ය ගැටුමකින් එක් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි එරට මාධ්‍ය ඊයේ වාර්තා කළේය. එම සිසුවා මියගොස් ඇත්තේ පෙරේදා රාත්‍රී එම විශ්වවිද්‍යාලයේ දේශන ශාලාවක් තුළ සිදුවූ පහරදීමකින් බවත්, ඝාතනයට සැකපිට තවත් සරසවි සිසුන් තිදෙ‍ෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. එසේ අත්අඩංගුවට පත්වූ එක් සිසුවකු ඩකා විශ්වවිද්‍යාලයේ විද්‍යා හා තාක්ෂණ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ උප ලේකම් බව එරට මාධ්‍ය වාර්තා කර තිබුනි.

මේ අතර, වැඩි වැටුප්, ප්‍රසාද දීමනා ඉහළ දමන ලෙස පාල­නා­ධි­කා­රි­යට බල කර­මින් ඇඟ­ලුම් සේවක සේවි­කා­වන් විසින් සිදු කරනු ලැබූ වැඩ වර්ජ­නය හා විරෝ­ධ­තාව හේතු­වෙන් වසා දමනු ලැබූ ඇඟ­ලුම් කර්මා­න්ත­ශාලා අතු­රින් 27ක් මෙතෙක් නැවත විවෘත කර නැති බව එරට මාධ්‍ය වාර්තා කළේය. පසු­ගිය සති­යේදී සේවක විරෝ­ධතා උත්සන්න වීම හේතු­වෙන් වසා දමනු ලැබූ ඇඟ­ලුම් ආය­තන 200කට ආසන්න සංඛ්‍යා­වක් නැවත විවෘත කර ඇතැයි ද එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

මේ වන­වි­ටත් වසා දමා ඇති එම ඇඟ­ලුම් ආය­තන අතු­රින් 16ක්ම වසා ඇත්තේ  දින නිය­ම­කින් තොරව බවත්, බංග්ලා­දේශ කම්කරු පන­තට අනුව වැටුප් රහිත කාල­සී­මා­ව­කට වසා දමා ඇති බැවින් එහි සේවක සේවි­කා­වන් කෝප­යට පත්ව සිටින බවත් වාර්තා වේ.

පසු­ගි­යදා ඇඟ­ලුම් ආය­තන ඇතුළු කර්මා­න්ත­ශාලා 219ක් වසා දැමී­මට එහි පාල­නා­ධි­කා­රිය  පිය­වර ගෙන තිබු අතර, ඉන් 86ක්ම දින නිය­ම­ය­කින් තොරව වසා දැමී­මට පිය­වර ගෙන තිබිණි. විරෝ­ධතා වැළැ­ක්වීම සඳහා තවත් කර්මා­න්ත ­ශාලා 133ක සේවක සේවි­කා­වන්ට නිවාඩු ලබා­දී­මට පාල­නා­ධි­කා­රිය පිය­වර ගෙන තිබූ බව ද වාර්තා විය.

මේ අතර, අන්ත­ර්වාර රජය බල­යට පත්වී මාස­ය­කට අධික කාල­යක් ගත­වූ­වද, මෙතෙක් මහ­මැ­ති­ව­රණ පිළි­බඳ කිසිදු ප්‍රකා­ශ­යක් නිකුත් කිරී­මට අස­ම­ත්වීම අභි­යෝ­ග­යට ලක් කර­මින් බංග්ලා­දේශ ජාති­ක­වාදී පක්ෂය ඩකා අග­නු­වර දැවැන්ත විරෝ­ධ­තා­වක නිරත වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

වහාම ක්‍රියා­ත්මක වන පරිදි මහ­මැ­ති­ව­ර­ණ­යක් කැඳවා රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ස්ථාපිත කිරී­මට පිය­වර ගන්නා ලෙස කලීඩා සියාගේ නාය­ක­ත්ව­යෙන් යුතු එම පක්ෂය අන්ත­ර්වාර රජයේ ප්‍රධාන උප­දේ­ශක මහා­චාර්ය මොහො­මඩ් යූනුස්ට බල කර සිටි බවත් එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ඩකා අග­නු­වර පිහිටි බංග්ලා­දේශ ජාති­ක­වාදී පක්ෂ මූල­ස්ථා­නය ඉදි­රි­පිට රැස්වූ දහස් සංඛ්‍යාත පාක්ෂි­ක­යන් එම විරෝ­ධ­තාවේ නිර­තව ඇති අතර, රටේ ආර්ථි­කය මෙතෙක් ස්ථාවර කිරී­මට අස­ම­ත්වීම පිළි­බඳ අන්තර්වාර රජ­යට චෝදනා කර ඇතැයි ද වාර්තා වේ.

 

Social Sharing
නවතම පුවත් විදෙස්