කඩිනමින් මහමැතිවරණයක් පවත්වා ප්රජාතන්ත්රවාදී රජයක් බිහි කිරීමට ජනතාවට අවස්ථාව ලබා දෙන බව කියමින් බංග්ලාදේශයේ ශිෂ්‍ය ව්‍යාපාරය විසින් පිහිටුවනු ලැබූ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මොහොමඩ් යූනුස් පෙරේදා රාත්‍රියේ ජාතිය ඇමතු බවත්, එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවට ප්‍රකාශ කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට එරට උද්ගත වී ඇති විදුලි අර්බුදය සහ ඇඟලුම් ක්ෂේත්රයේ ගැටලු සම්බන්ධව විසඳුම් සෙවීමේ අභියෝගයට මුහුණපා සිටින අන්තර් වාර රජය රටේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වනතුරු මැතිවරණයක් නොපැවැත්වීමට තීරණය කර ඇතැයි ද වාර් තා වේ.
බංග්ලාදේශයේ කීර්තිමත් පුද්ගලයන් 6 දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් කොමිෂන් සභා හයක් පිහිටුවීමට අන්තර්වාර රජයේ අවධානය යොමු වී ඇතැයි ද, අදාළ ක්ෂේත්‍ර වල පළපුරුද්ද සහ අත්දැකීම් ඇති පුද්ගලයන් එම කොමිෂන් සභා වලට පත් කරන බවද මහාචාර්යවරයා සඳහන් කර ඇතැයි වාර්තා වේ. මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමේ කොමිසම, පොලිස් පරිපාලන ප්‍රතිසංස්කරණ කොමිසම, අධිකරණ ප්‍රතිසංස්කරණ කොමිසම, දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ කොමිසම, රාජ්‍ය පර්පාලන ප්‍රතිසංස්කරණ කොමිසම සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කොමිසම පත් කිරීමෙන් පසු රජයේ වැඩකටයුතු ඉදිරියට ගෙන යෑමට හැකිවනු ඇතැයි මහාචාර්ය මොහොමඩ් යුනුස් එහිදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. බංග්ලාදේශය නැවත ගොඩ නැඟීමට මහජනතාවගේ සහාය ඉල්ලා සිටි මහාචාර්යයවරයා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදු කළ යුතුව ඇතැයි අවධාරණය කර තිබේ.