
බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූ පුද්ගලයන් සම්බන්ධ අහිමි වූ මතකයන්, වේදනාවන් සහ අයිතිවාසිකම් පිළිබඳව කලාත්මක ප්රකාශනයක් ඔස්සේ සංවාදයක් ගොඩනැගීම අරමුණු කරගත් “Bodies, Politics, Memory” නමින් විශේෂ කලා ප්‍රදර්ශනයක් “අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව” විසින් සැප්තැම්බර් 21 සිට 23 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය.
විශ්වවිද්‍යාල ආදි විද්‍යාර්ථීන්ගේ කලාත්මක නිර්මාණ ඇතුළත් මෙම ප්‍රදර්ශනය තුළින් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් හා ඒවාට සම්බන්ධ මතකයන්, අත්දැකීම් සහ මානව අයිතිවාසිකම් පිළිබඳව සංවේදී කලාත්මක අවකාශයක් තුළින් කතාබහක් ඇති කිරීමට අපේක්ෂා කෙරේ.
ප්‍රදර්ශනය සැප්තැම්බර් 21 වනදා පස්වරු 4.00 සිට ආරම්භ වන අතර, සැප්තැම්බර් 22 සහ 23 යන දිනවලද එය පැවැත්වේ.
ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ J. D. A. පෙරේරා කලාගාරයේ (JDA Perera Art Gallery) දීය.

