අල්ලස් චෝදනා මත බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපති අත්අඩංගුවට!

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපති ඕපාත විතානගේ ප්‍රසන්න සංජීව මහතා දූෂණය නැමැති වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසින් ඊයේ (15) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි ප්‍රඥප්තිය උල්ලංඝනය කරමින් ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව මගී ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

එම ක්‍රියාව හේතුවෙන් රජයට රුපියල් 4,160,000ක පමණ පාඩුවක් සිදුව ඇති බවත්, බාහිර පාර්ශ්වයන් වෙත අයුතු වාසියක් ලබා දී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන් වේ.

ඒ අනුව, දූෂණය නැමැති වරද සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Social Sharing
නවතම පුවත්