
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය සේවා ලබාගැනීමේදී භාෂා සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවන් අතරින් බහුතරය සිංහල ප්‍රජාව වන අතර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 අතරින් කොට්ඨාස 7ක සිංහල ජනතාව බහුතරයක් ලෙස ව්‍යාප්තව සිටින බව පැමිණිල්ලේ සඳහන් වේ.
ප්‍රදේශයේ ජනතාවට රාජ්‍ය අංශයෙන් ලැබිය යුතු සේවාවන් ලබාදීමේ ප්‍රධාන රාජ්‍ය ආයතනයක් වන සේරුවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් ග්‍රාමීය ජනතාව වෙත සේවාවන් සැපයීම සඳහා රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් ගම්මාන වෙත යොමුකර ඇති බවද සඳහන් වේ.
එහෙත්, එම රාජ්‍ය සේවකයන්ගෙන් බහුතරයකට සිංහල භාෂාව නිසි පරිදි භාවිත කිරීමට හැකියාවක් නොමැති බවත්, ඒ හේතුවෙන් සිංහල භාෂාවෙන් රාජ්‍ය සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාව දැඩි අපහසුතාවකට හා පීඩාවකට පත්වන බවත් ප්‍රදේශයේ වින්දිතයෙකු විසින් කන්තලේ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති කන්තලේ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය විසින් එය රාජ්‍ය භාෂා කොමිසම වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කර, ප්‍රදේශයේ ජනතාවට තම භාෂා අයිතිවාසිකම්වලට ගරු කරමින් රාජ්‍ය සේවාවන් ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමේ අවශ්‍යතාවද පෙන්වා දී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මැදිහත් වී කටයතු කරන අතර ඔබ හෝ ඔබ දන්නා පුද්ගලයෙකු මෙවැනි මානව හිමිකම් උල්ලංඝනයකට හෝ යම් අගතියකට ලක්ව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබට ආසන්නයේ පිහිටි මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් සමඟ සම්බන්ධ විය හැකිය.
කන්තලේ අවට සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා 0761366919
එසේත් නැතිනම්,
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය
011 266 9100
