
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම් 67ක් සහ අතරමැදි පෙත්සම් කිහිපය පිළිබඳ විභාගය ඊයේ පස්වරුවේ අවසන් වූ අතර, ඒ සම්බන්ධයෙන් ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය ඊයේ පස්වරු 3.00ට අවසන් විය.
කෙසේවෙතත්, ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පෙත්සම්කාර පාර්ශ්ව කිහිපයක් අදාළ පෙත්සම් සම්බන්ධයෙන් ලිඛිත දේශන ඉදිරිපත් නොකරන බව මෝසම් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ දින දෙකක් පුරා මෙම විභාගය පැවැත්විණි. ඉකුත් සැප්තැම්බර් 01 වැනිදා අදාළ පෙත්සම් කැඳවූ අවස්ථාවේදී, මෙය පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්ව කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
කෙසේවෙතත්, ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පෙත්සම්කාර පාර්ශ්ව කිහිපයක් අදාළ පෙත්සම් සම්බන්ධයෙන් ලිඛිත දේශන ඉදිරිපත් නොකරන බව මෝසම් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. පූර්ණ විනිසුරු මඩුල්ලක් පත්කිරීමේ ඉල්ලීම හේතු දැක්වීමකින් තොරව ප්‍රතික්ෂේප වීමත්, රජයේ පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීමෙන් අනතුරුව වාචික ප්‍රතිචාර දැක්වීමට අවසර නොලැබීම නිසා ප්‍රතිතර්ක ඉදිරිපත් කිරීමට අවස්ථාව අහිමි වීමත් ඊට හේතු ලෙස පෙත්සම්කරුවන් එම මෝසම් මඟින් පෙන්වා දී ඇත. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ නිගමනය ඉදිරියේදී රහසිගතව ජනාධිපතිවරයා සහ කථානායකවරයා වෙත දැනුම්දීමට නියමිතය.
