නියඟයෙන් හානි වූ භෝග වර්ග 6කට හෙක්ටයාරයකට රුපියල් ලක්ෂය බැගින් වන්දි!

දිව­යි­නට බලපා ඇති වියළි කාල­ගු­ණික තත්ත්වය හේතු­වෙන් හානි­යට පත්ව ඇති වී හා බඩ­ඉ­රිඟු ඇතුළු භෝග වර්ග 06ක් සඳහා හෙක්ට­යා­ර­ය­කට රුපි­යල් ලක්ෂය බැගින් වන්දි මුදල් ගෙවී­මට රජය තීර­ණය කරයි. ඒ අනුව මෙම වන්දි ගෙවන්නේ උප­රිම අක්කර 05ක් සඳහා පමණි.

මොන­රා­ගල, පොලො­න්න­රුව, හම්බ­න්තොට, අම්පාර, අනු­රා­ධ­පුර ආදී දිස්ත්‍රි­ක්ක­වල වී, බඩ­ඉ­රිඟු ඇතුළු වගා­වන්ට මේ වන විට හානි සිදුවී ඇති බව ගොවි­ජන රක්ෂණ මණ්ඩ­ල­යට වාර්තා වී ඇත.

වී වගා­වට අදා­ළව මොන­රා­ගල ගොවීන් 960කගේ අක්කර 1,334ක්, පොලො­න්න­රුවේ ගොවීන් 560කගේ අක්කර 1100ක්, හම්බ­න්තොට ගොවීන් 782කගේ අක්කර 435ක්, අම්පාරේ ගොවීන් 505කගේ අක්කර 1004ක්, අනු­රා­ධ­පුර ගොවීන් 1900කගේ අක්කර 2200ක් යනාදී වශ­යෙන් කුඹුරු ඉඩම් හානි­යට පත්ව තිබේ.

ඒ අනුව කෘෂි­කා­ර්මික හා ගොවි­ජන රක්ෂණ මණ්ඩ­ල­යෙහි නිල­ධා­රීන් මෙම දිස්ත්‍රි­ක්ක­වල හානි­යට පත් කුඹුරු ඉඩ­ම්ව­ලට ගොස් හානි පරීක්ෂා කිරීමේ කට­යුතු ආරම්භ කර ඇත.

මෙම තත්ත්වය යටතේ ඉහත දිස්ත්‍රි­ක්ක­ව­ලින් මේ වන විට හානි­යට පත් කුඹුරු අක්කර 6,073ක ගොවි මහ­තුන් 4707කට ආසන්න පිරි­ස­කට කඩි­න­මින් වන්දි මුදල් නිද­හස් කිරී­මට කෘෂි­කා­ර්මික හා ගොවි­ජන රක්ෂණ මණ්ඩ­ලය කර­මින් සිටියි.

මෙම නියං තත්ත්වය යටතේ ජලය හිඟ­කම හේතු­වෙන් වී, බඩ­ඉ­රිඟු ඇතුළු වගා හානි­යට පත්ව ඇත්නම්, හැකි ඉක්ම­නින් කෘෂි­කා­ර්මික හා ගොවි­ජන රක්ෂණ මණ්ඩ­ලයේ ක්ෂේත්‍ර නිල­ධා­රීන් හමුවී තම හානිය දැනුම් දිය යුතු අතර, එසේ නොමැති නම් ගොවි­ජන සංව­ර්ධන මධ්‍ය­ස්ථා­න­වල පව­ත්වා­ගෙන යන හානි දැනු­ම්දීමේ ලේඛ­න­යෙහි වගා හානිය සට­හන් කිරීම ගොවි මහ­තුන් විසින් කළ යුතුව ඇති බවද මණ්ඩ­ලය සඳ­හන් කරයි.

කෘෂි­කා­ර්මික හා ගොවි­ජන රක්ෂණ මණ්ඩ­ලයේ 1918 යන කෙටි ඇම­තුම් අංකය මඟින් මේ සම්බ­න්ධ­යෙන් ගොවි මහ­තුන්ට වැඩි­දුර තොර­තුරු අසා දැන­ගැ­නීමේ හැකි­යාව පවතී.

වන්දි ගෙවීම් කඩි­නම් කර ගොවීන්ට සිදුව ඇති වගා හානි ආව­ර­ණය කරන ලෙස කෘෂි­කර්ම, පශු සම්පත් ඉඩම් හා වාරි­මාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා ද උප­දෙස් දී ඇත.

උපුටා ගැනීම දිනමිණ

Social Sharing
නවතම පුවත්