ඉම්රාන් යලිත් අත්අඩංගුවට ගැනීමට සූදානමක්

පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විදේශ අරමුදල් සිද්ධියක් සම්බන්ධයෙන් යළි අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇතැයිවිදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එසේම පකිස්ථානයේ ටෙහෙරීක් ඉන්සාෆ් පක්ෂයේ සාමාජිකයන් 3 දෙනෙකු අදාළ චෝදනාව හේතුවෙන් මේ වන විටත්අත්අඩංගුවේ පසුවන බව ද එම වාර්තාවල සඳහන් ය.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව නඩු පවරන්නැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයානියෝගයක් ද නිකුත් කර ඇති බවයි.

ටෙහෙරික් ඉ ඉන්සාෆ් පක්ෂයේ ප්‍රධානියෙකු ෆෙඩරල් විමර්ශන ඒජන්සියේ සයිබර් අපරාධ අංශය අත්අඩංගුවට ගෙන ඇත්තේ, නීතිවිරෝධී අරමුදල් රැස්කිරීම සඳහා භාවිත කරන ‘අනවසර‘ වෙබ් අඩවියක් පවත්වාගෙන යාමේ චෝදනාව මත බව විදෙස්වාර්තා සඳහන් කළේ ය.

Social Sharing
නවතම විදෙස්