‘රටම එකට’ මෙහෙයුමෙන් වසරකට මත්ද්‍රව්‍ය ටොන් 22කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට!

‘රටම එකට’ ජාතික මෙහෙ­යුම ඇරඹූ ඉකුත් වසරේ ඔක්තෝ­බර් 30 වැනිදා සිට ඊයේ (25) දක්වා ගෙවුණු වස­ර­කට ආසන්න කාලය තුළ ආර­ක්ෂක අංශ රට­පුරා කළ වැට­ලී­ම්ව­ලින් මත්ද්‍රව්‍ය ටොන් 22කට අධික ප්‍රමා­ණ­යක් සමඟ සැක­ක­රු­වන් ලක්ෂ 3කට අධික පිරි­සක් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

මෙරට ඉති­හා­සයේ මෙතෙක් වස­රක පමණ කාල­යක් තුළ අත්අ­ඩං­ගු­වට ගෙන ඇති විශා­ල­තම මත්ද්‍රව්‍ය ප්‍රමා­ණය වන්නේ මෙයයි. මත්ද්‍රව්‍ය සම්බ­න්ධ­යෙන් මෙත­රම් සැක­ක­රු­වන් පිරි­සක්ද මෙරට ඉති­හා­සයේ වෙනත් කිසිදු කාල­ය­කදී අත්අ­ඩං­ගු­වට ගෙන නැති බවද පොලිස් වාර්තා පෙන්වා දෙයි.

මෙම කාලය තුළ හෙරො­යින් කිලෝ 3,000කට ආසන්න ප්‍රමා­ණ­යක්ද, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3,500කට අධික ප්‍රමා­ණ­යක්ද අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. ඊට අම­ත­රව කොකේන් කිලෝ­ග්‍රෑම් 300කට ආසන්න ප්‍රමා­ණ­යක්ද, කුෂ් කිලෝ 2,000කට ආසන්න ප්‍රමා­ණ­යක්ද, හෂීෂ් කිලෝ 400කට අධික ප්‍රමා­ණ­යක්ද, මාවා කිලෝ 600කට ආසන්න ප්‍රමා­ණ­යක්ද, මදන මෝදක කිලෝ 1,200කට අධික ප්‍රමා­ණ­යක්ද අත්අ­ඩං­ගු­වට ගත් මත්ද්‍රව්‍ය අතර ඇතැයි පොලිස් සංඛ්‍යා දත්ත අනා­ව­ර­ණය කරයි. මත් ක­රල් ලක්ෂ 45කට අධික ප්‍රමා­ණ­යක් සමඟ ගංජා කිලෝ 11,000කට අධික ප්‍රමා­ණ­යක්ද ගංජා පැළ කෝ‌ටි 2කට ආසන්න ප්‍රමා­ණ­යක්ද අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. මෙම මත්ද්‍රව්‍ය සමඟ අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් අත­රින් 450කට වැඩි පිරි­සක් සම්බ­න්ධ­යෙන් වත්කම් විම­ර්ශන ආරම්භ කර ඇත. 4,000කට ආසන්න සැක­ක­රු­වන් පිරි­සක් සම්බ­න්ධ­යෙන් රැඳ­වුම් නියෝග ලබා­ගෙන විම­ර්ශන පවත්වා ඇති අතර පුන­රු­ත්ථා­ප­නය සඳහා යොමු­කර ඇති ගණන 2,500කට අධි­කය.

(උපුටා ගැනීම දිනමිණ)

Social Sharing
නවතම පුවත්